Saturday, February 9, 2013

The defender (ද ඩිෆෙන්ඩ)

              මේ මූවි එක ආවෙ 1994...මේක Action,Thriller,Romance ගනයට අයත් වෙන movie එකක්...මේකෙ ප්‍රධාන නළුවා Jet li....Torrent වලින් බානවනන් බාන්න, Youtube එකේ බලන්නත් පුළුවන්....





Thursday, February 7, 2013

FB login page එකේ background image එක මාරු කරමුද?



       මේක ගොඩක් අය දන්න දෙයක්....මේක කියල දෙන්නෙ දන්නෙ නැති අයට....කරන්න තියෙන්නෙ චූටිම චූටි වැඩයි...කරන්න තියෙන්නෙ  Extension එකක් install කරන එක විතරයි...
(Only for chrome users)

Click here to get the extension




         පිංතූරෙ මාරු කරනවනන් Log in button එකට උඩින් තියෙන දැති රෝදෙ click කරලා image එකේ URL එක දීල save කරන්න...


Wednesday, February 6, 2013

The doll master (ද ඩෝල් මාස්ට)


            ඔන්න ගෙනාවා තවත් Korean මූවි එකක්....මේක Horror,Thriller ගනයට අයත් වෙන්නෙ...බෝනික්කෙක්ගෙ සීන් එකක්....ඔන්න මේක බානවනන් Torrent බාන්න පුළුවන්...නැත්තන් Youtube එකේ බලන්න පුළුවන්....

මේක බලනවනන් රෑ 12.00 විතර ලයිට් Off කරලා 
තනියම බලන්න...




Sunday, February 3, 2013

ලෝකයේ විශාලතම කෘමියා මෙන්න : විස්මිත සොයා ගැනීම්

      ඌ මීයකු වගේ තුන්ගුණයක් ලොකුයි, මේ කන්නේ කැරට් අලයක්. දැනට වාර්තා වී ඇති ආකාරය අනුව ලෝකයේ ලොකුම කෘමියා මේ සතායි. 

මේ යෝධ කෘමියා ඉන්නේ නවසීලන්තයේ. නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා දින දෙකක් තිස්සේ වෙහෙස වී සොයා ගත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝවල සිට මෙහි පැමිණි මාක් මොෆෙට් කියන වනජීවී ලෝලයායි. 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියකු වූ ඔහුගේ අතේ සිටිද්දී මේ අපූරු සතා කැරට් අලයක් එහෙම පිටින් ම කෑවා. අලේ බර ග්රෑම් 71ක්. ඌ ගේකුරුල්ලකුට වැඩිය බරයි. මීයකු වාගේ තුන්ගුණයක් බරයි.

       වෙටා නම් වූ මේ සත්ව ගෝත‍්‍රයට සතුන් විශේෂ 70ක් විතර අයත් වෙනවා. මේ අල්ලා ගෙන ඉන්නේ ගැහැනු සතෙක්. උගේ ඇති බිත්තරත් එක්කයි මේ තරම් බර වෙන්නෙ...

මේ වේටා සත්ව විශේෂය අනෙක් සත්ව විශේෂවලට වඩා කුලෑටියි. උන් ආහාරයට ගන්නේ ශාක, වෙනත් කුඩා කෘමි සතුන් හා පලතුරු වර්ගයි. පළඟැටියකුට සමාන මේ සතා මේ තරම් ලොකු වෙන්නට හේතුව ඒ දූපතේ මොවුන් අල්ලා ගෙන ගොදුරු කර ගන්නා විලෝපිකයන් නැති වීමයි.මේ සතාගේ පියාපත් විදා හළ විට අඟල් හතක් විතර දිගයි. මේ සතා මේ කුඩා දූපතට සීමා වුනත් මේ වෙටා වර්ගයේ ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂ 70ක් පමණ නවසීලන්තය පුරා විසිරී ජීවත්වෙනවා. මේ යෝධ කෘමීන් නවසීලන්තයේ ප‍්‍රධාන භූමියෙන් වඳ වී ගියේ මෙහි පැමිණි යුරෝපීයයන් මීයන් මේ දූපතට හඳුන්වා දීමත් සමගයි.

මාක් මෙහි ආවේ ඇමෙරිකාවේ කොලරාඩෝවේ සිටයි. මේ පින්තූර ගත්තාට පසු මේ යෝධයා හිටිය තැනටම ආපසු යවන්න ඔහු අමතක කළේ නැහැ

මෙය මල්කැකුළු වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියක් බව කරුණාවෙන් සළකන්න...


මෙම කෘමියාගේ තවත් ඡායාරූප කිහිපයක්

A millionaire's First love (අ මිලියනයර්ස් ෆස්ට් ලව්)

              ඔන්න තවත් Korean මූවි එකක්....හැබැයි මේක Melodrama,Romance ඝනයට අයත් වෙන Movie එකක්.....Loversලට හොඳයි...ඔන්න මේකත් Youtube එකේ බලන්න පුළුවන්...